7 ගැහේබ සහ 9 වන ශ්‍රීලජාආබ වේ භට පිරිස් අවශ්‍යතා සහිත පුද්ගලයින් සදහා ආහාර සලාක බෙදා දෙයි

අප්‍රේල් 11, 2020

7 වන ගැමුණු හේවා බලකායේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළුන් විසින් උදයාර්කට්ටු ගම්වැසියන් අතර ආහාර හා අත්‍යවශ්‍ය සලාක බෙදා හැරීමට රජයේ නිලධාරීන් හට සහාය දැක්වීය.

ප්‍රදේශයේ රජයේ නිලධාරීන් සහ ග්‍රාම සේවා කොට්ඨාශයන් සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලද මෙම වැඩසටහන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල්  දීප්ති ජයතිලකගේ  උපදෙස් පරිදි සිදු කරන ලදී.

68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.එම්.පී.ජේ රත්නායක සහ 683 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි භාණ්ඩ බෙදා හැරීම අධීක්ෂණය කරන ලදී.

683 බලසේනාවේ සුභසාධන ව්‍යාපෘතියක් ලෙස සිදුකල මෙම වැඩසටහන මගින් බෙදාහරින ලද සහනාධාර වලට වියළි සලාක,එළවළු සහ කුළුබඩු ඇතුළත් විය.