යාපනයේ විශ්‍රාමික සහ ආබාධිත පුද්ගලයින් සදහා හමුදා සාමාජිකයින්ගේ සහාය

අප්‍රේල් 11, 2020

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විශ්‍රාමිකයින්ට සහ ප්‍රතිලාභීන්ට තම විශ්‍රාම වැටුප්, ගෙවීම් සහ මුල්‍යාධාර බැංකුවට ගොස් ලබා ගැනීමට සහ නැවත සිය නිවෙස් කරා පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දී තිබේ.

අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් විශ්‍රාමිකයින්ට, වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයින්ට අප්‍රේල් 9 සහ 10 යන දිනවල ඔවුනට අදාළ ගෙවීම් ලබා ගැනීමට බස් රථ ලබා දී ඇත.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහ අනෙකුත් බලධාරීන්ගේ සහය ඇතිව මෙම  වැඩසටහන්  දියත්  කරන ලදි.