අසනීපව සිටි විදේශීය නාවිකයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට නාවික හමුදාවේ සහාය

අප්‍රේල් 12, 2020

ඉන්දියානු සමාගමකට අයත් වෙළඳ නෞකාවක අසනීපව සිටි නාවිකයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගොඩබිමට පැමිණීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහය විය. එම නෞකාව වෙත සේවාවන් සපයන ශ්‍රී ලංකාවේ තිබෙන දේශීය සමාගම විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව 38 හැවිරිදි මෙම රෝගියා ගොඩබිම වෙත ගෙන එන ලදී.

කොළඹ වරාය‍ට මුහුදු සැතපුම් 05 ක‍් පමණ දුරක තිබු ඉන්දියානු සමාගමකට අයත් Maersk Avon නෞකාව වෙත ලගා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම පුද්ගලයා ගොඩබිම වෙත රැගෙන විත් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.