නාවික හමුදාව කොළඹ ජාතික රෝහල සඳහා අඩු පීඩන හුදකලා කාමර (Negative Pressure Isolation) නිෂ්පාදනය කරයි

අප්‍රේල් 12, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවන් විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි කොළඹ ජාතික රෝහල සඳහා අඩු පීඩන  හුදකලා කාමර දෙකක් (NPIR) නිර්මාණය කර තිබේ.

රෝහලේ ක්‍රියාත්මක වන මෙම නව පහසුකම රෝහල් පරිශ්‍රයට පැමිණෙන COVID-19 ආසාදිත රෝගීන්ගෙන් සෞඛ්‍ය සේවා සපයන්නන් ආරක්ෂා වීම  පිණිස අමතර වාසියක් වනු ඇත.

එන්පීඅයිආර් යනු එක් කාමරයක සිට තවත් කාමරයකට දරුණු වෛරසයන් සම්ප්‍රේෂණය නොවීම  සඳහා සෞඛ්‍යාරක්ෂාව සඳහා භාවිතා කරන තාක්‍ෂණයකි මෙම අඩු පීඩන කාමරයෙහි විශේෂත්වය වන්නේ වෛරසය ආසාදිත පුද්ගලයෙකු මඟින් වෛරසය බාහිර පරිසරයට නිරාවරණය වීම වළක්වාලමින් රෝගියා සිටින කුටිය තුළටම වාතය ඇද ගනිමින් එම වෛරසය සහිත වාතය තාපකයක් හරහා විනාශ කිරීමකට ලක් කිරීමෙන් පසු බාහිර පරිසයට මුදා හැරීමයි.

වාතය තුලින්  බෝවන රෝග ඇති රෝගීන් හුදකලා කිරීමට මෙම තාක්ෂණය රෝහල්වල යොදා ගනී.