රාගම සහ වැලිසර රෝහල්හි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 27ක්, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ.

අප්‍රේල් 12, 2020


•    රෝහල් සේවකයින් දෙදෙනෙකු සුදුවැල්ලෙහි COVID-19 ආසාදිත පදිංචිකරුවෙකු සමඟ සමීපව සම්බන්ධතා  පවත්වා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශ මගින් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සහ වැලිසර ලය රෝහලේ  සේවකයින් දෙදෙනෙකු,  ජා ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල බවට සොයා ගැනීමත් සමඟ  එම රෝහල් දෙකේ සෞඛ්‍ය සේවකයින් 27 දෙනෙකු අද (අප්‍රේල් 12) මන්නාරමේ මුලන්කාවිල් හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.

නිරෝධායනය සඳහා යවන ලද සෞඛ්‍ය සේවකයින් අතර, රාගම රෝහලේ පිරිමි පුද්ගලයන් 22 ක් සහ වැලිසර රෝහලේ  කාන්තාවන් පස් දෙනෙකු වේ.
මූලික සෞඛ්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් පසු ඔවුන් මුලන්කාවිල්හි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.