COVID-19 ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නව රෙගුලාසි නිකුත් කරයි

අප්‍රේල් 12, 2020
  •    සෙල්සියස් අංශක 800 සිට 1200ක් දක්වා වු උෂ්ණත්වයක් සහිතව විනාඩි 45 සිට පැයක් දක්වා කාලයක් දේහය ආදාහනය කළ යුතුය
  •    ආදාහනය සිදු කළ යුත්තේ නිසි බලධාරින් විසින් නම් කරන ලද පුද්ගලයින් විසිනි
  •    මෘත දේහය හසුරුවනු ලබන තැනැත්තන්ගේ ඇදුම සහ පෞද්ගලික ආරක්ෂණ උපාංග ආදාහන අවස්ථාවේදී මීනි පෙට්ටිය සමග පුලූස්සා දැමිය යුතුයි.

COVID- 19 ආසාධිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහය සෙල්සියස් අංශක 800 සිට 1200ක් දක්වා වු උෂ්ණත්වයක් සහිතව විනාඩි 45 සිට පැයක් දක්වා කාලයක් දේහය ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි විසින් අත්සන් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් COVID-19 ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන නව රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබේ.

නව රෙගුලාසි යටතේ, මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුර වෛරසයෙන් මියගිය බවට සැක පිට නව ක්‍රියාවලිය අනුව අවසන් කටයුතු සිදු කල යුතුය.

1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග නිවාරණ ආඥා පනතේ 2 වන සහ 3 වන වගන්ති යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම රෙගුලාසි ක්‍රියාත්මක කරනු ලැබේ.

COVID-19 ආසාදිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් ආදාහනය කිරීම පිළිබඳ නව රෙගුලාසි වලට අනුව, ආදාහනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නියෝගයන්ට අනුකූලව එම අධිකාරියේ අධීක්ෂණය යටතේ නිසි බලධාරියකු විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක සිදු කළ යුතුය. .

COVID-19 නිසා මියගිය හෝ මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මෘත දේහය නිසි බලධාරියා විසින් නම් කරන ලද ආදාහනය සඳහා වන රාජකාරීන් ඉටු කරන පුද්ගලයින්ට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට භාර නොදෙන බව එහි තවදුරටත් සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, COVID-19 වේගයෙන් පැතිරීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියා පටිපාටිය දැඩි ලෙස අනුගමනය කළ යුතුය.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් එවැනි සුසාන භූමියක හෝ ස්ථානයක මෘත දේහය හසුරුවන පුද්ගලයින් විසින් භාවිතා කරන ඇඳුම් සහ නැවත භාවිතා කළ නොහැකි පුද්ගලික ආරක්ෂක උපකරණ ද එම රෙදි සහ ආරක්ෂිත ආම්පන්න මිනී පෙට්ටිය සමඟ තැන්පත් කර දේහය සමග දහනය කළ යුතු බව සඳහන් කර ඇත.

නව රෙගුලාසි යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරන ලද උපදෙස් වලට අනුව නැවත භාවිතා කළ හැකි උපකරණ නිසි ලෙස විෂබීජහරණය කළ යුතුය.

මළ සිරුරේ අළු ළගම ඥාතියා විසින් ඉල්ලන්නේ නම් ඔහු වෙත  දිය හැකි බවද එහි සඳහන්ය.