LOLC සමාගම විසින් පුද්ගල ආරක්‍ෂක උපකරණ, මුහුණු ආවරණ සහ සනීපාරක්ෂක උපකරණ පරිත්‍යාග කරයි

අප්‍රේල් 12, 2020

LOLC සමාගම් සමූහය ‘මනූසත් දෙරණ’ සමඟ එක්ව පුද්ගල ආරක්‍ෂක  උපකරණ 75 ක්, මුහුණු ආවරණ 06 ක් සහ සනීපාරක්ෂක දියර කෑන් 06 ක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න  වෙත අප්‍රේල් 10 වන දා පරිත්‍යාග කළේය.

මෙම අවස්ථාවට ප්‍රධාන මෙහෙයුම් නිලධාරී , LOLC සමූහයේ කිත්සිරි ගුණරත්න සහ අලෙවිකරණ හා සන්නිවේදන ප්‍රධාන නිලධාරී සුසාන් බණ්ඩාර  සහභාගී වූහ.