COVID-19 ට එරෙහිව සටන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට ඩිජිටල් විසඳුම් ලබා දීමට Huawei සමාගම ඉදිරිපත් වෙයි

අප්‍රේල් 12, 2020

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei සමාගම ආරක්ෂක අමාත්‍යාංශයට ඩිජිටල් විසඳුම් රාශියක් ලබා දීම සඳහා සහතික වී  තිබේ.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න  සමඟ පැවති හමුවේදී Huawei නිලධාරීන්  දායකත්වය ලබා දිය හැකි ආකාර සාකච්ඡා කල  අතර වෛද්‍ය විශ්ලේෂණ ක්ෂේත්‍රයන් තුල Huawei හට ගෝලිය අත්දැකීම් බෙදාගනීමින් COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට අමාත්‍යාංශයට උපකාර කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳව ද සාකච්ඡා කළහ.

අමාත්‍යාංශය තුළ වැදගත් ස්ථාන හා නිලයන්  සම්බන්ධ කරමින්  රැස්වීම් පැවැත්වීම සහ පවත්නා තත්ත්වය තුළ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා අධි-විභේදන සහයෝගී වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධති අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීමට Huawei සමාගම තීරණය කර ඇත.

Huawei  සමාගමේ අධ්‍යක්ෂ   ෂින්ගුෂොං , ප්‍රධාන විධායක නිලධාරී  ලියාන් යී සහ උප සභාපති ඉන්දිකා ද සොයිසා මෙම රැස්වීමට සහභාගී වූහ.