සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව මූලස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

ජුනි 06, 2019

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන ගොඩනැගිල්ල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පසුගිය අඟහරුවාදා (ජූනි 04) දින විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එස් එච්.එස් කෝට්ටේගොඩ (විශ්‍රා) මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානින්, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයද සහභාගී වූහ.