යාපනයේ භට පිරිස් අවශ්‍යතා ඇති අය අතර පෙර පිසූ ආහාර බෙදා දේ .

අප්‍රේල් 13, 2020

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් , අර්ධද්වීපයේ අගහිඟකම් ඇති ප්‍රජාවන්ට පෙර පිසූ ආහාර පැකට් 300 ක් බෙදා දුන්හ. COVID -19 වසංගතය පැතිරීමට එරෙහිව රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා දැනට ක්‍රියාත්මක මානුෂීය ආධාරවල තවත් වැඩසටහනක්  ලෙස මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

පවත්නා පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා මාර්තු 21 සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතී.