ජාතිය COVID-19 න් ආරක්ෂා කිරීම සඳහා සොල්දාදුවන් නිරෝගීව සිටිය යුතුය - යුද හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් සිල්වා

අප්‍රේල් 13, 2020

  • ආරක්ෂක හමුදාවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතු බව පවසයි

ජාතිය සුවපත් කිරීම සඳහා සොල්දාදුවන් නිරෝගීව සිටිය යුතු බවත් COVID-19 සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා සියලු පූර්වෝපායයන් අනුගමනය කළ යුතු බවත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

“සොල්දාදුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතුයි. අපේ රට සුරක්ෂිතව තබා ගැනීමේදී අප සැමට වගකිව යුතු කාර්යභාරයක් පැවරේ. අපගේ ජීවිත දැන් වෙනස් වී ඇති අතර, මේ අලුත් අවුරුදු සමයේදී අපට අපගේ සමීපතමයන් හා ආදරණීයයන් සමඟ එක්විය නොහැකි වුවද, අප හොඳින් හැසිරීමෙන් අනෙක් සියල්ලන්ටම නිරෝගීව සිටීමට ඉඩ දීමෙන් අපට රටේ ආඩම්බර පුරවැසියෙකු විය හැකිය.” උතුරේ හමුදා භටපිරිස් අමතමින් ඔහු පැවසීය.

උතුරු පළාතේ ප්‍රජාවන් අතර COVID -19 පැතිරීම වැළැක්වීම සඳහා රජයේ යාන්ත්‍රණයට  ක්‍රියාකාරිව සහාය වන භට පිරිස් ඇමතීම සඳහා ලුතිනන් ජෙනරාල් සිල්වා, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය වෙත සංචාරය කළේය.

ජාතියේ පැවැත්මට තර්ජනයක් එල්ල වූ සෑම අවස්ථාවකම රට ආරක්ෂාවට ඉදිරිපත් වු ශ්‍රී ලංකා යුද්ධ  හමුදාවට COVID-19 ට එරෙහිව සටන් කිරීමේ අභියෝගාත්මක කර්තව්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාර දුන් බව ඔහු පැවසීය.


“කල නොහැකි දෙයක් නොමැත” යන තේමාව මත පදනම්ව අප හමුදාව අපගේ කාර්යභාරය ඉතා හොදින් ඉටු කරමින් සිටිමු.” COVID-19 මර්ධනය සදහා හමුදා සාමාජිකයින්ගේ කැපවීම හා මිල කළ නොහැකි සේවාවන් ජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම් සහ සියලුම ශ්‍රී ලාංකිකයින් විසින් බෙහෙවින් අගය කරනු ලබන බැව් ඔහු සදහන් කරන ලදී.

ඉතාලිය, ඉරාකය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පළමු නිරෝධායන මධ්‍යස්ථාන දෙක පිහිටුවීමෙන් පසුව මේ වන විට  ශ්‍රී ලංකා යුද්ධ  හමුදාව නිරෝධායන මධ්‍යස්ථාන 50 ක් පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ  හමුදා ප්‍රධානී පැවසීය.

“මෙම තීරණාත්මක මොහොතේ ඔබ සැවොම වෙහෙස මහන්සි වී රාජකාරී කිරීම නිසා අපි ඉතා කෙටි කාලයක් තුළ මෙම අරමුණු සාක්ෂාත් කර ගත්තා” යැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, අනෙකුත් පාබල රෙජිමේන්තු, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය ඇතුළු අනෙකුත් සියලුම රෙජිමේන්තුවිසින් සිදු කරන ලද සේවය අගය කරමින් ඔහු පැවසීය.

 

 

ලුතිනන් ජෙනරාල් සිල්වා සිය සංචාරයේදී මුලතිව්, කිලිනොච්චි සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයන්හි භට පිරිස් ඇමතු අතර 64 වන සේනාංකය, 52 වන සේනාංකය, 574 බලසේනාව සහ 552 බලසේනා මුලස්ථානයන්හි භටපිරිස් ද හමුවිය.

 සිය සංචාරය අතරතුර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී උතුරු නාවික විධානය  හා පලාලි ගුවන් හමුදා කඳවුර වෙත ගොස් සියලු නිලයන් ඇමතීය.