බුස්ස ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 9 දෙනෙකු පිටව යයි

අප්‍රේල් 13, 2020

බුස්ස  ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු පුද්ගලයින් 9 දෙනෙකු අද (අප්‍රේල් 13) දින සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටවීමට පෙර ‘PCR’ පරීක්ෂණයට ලක් කර තිබේ.

මෙම පුද්ගලයින් නවදෙනා අද සිය නිවෙස් බලා පිටත්ව යාමත් සමඟ බුස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ මුළු සංඛ්‍යාව 57 කි.

දැනට බුස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 32 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.