නාවික හමුදාව ජාඇල ප්‍රදේශවාසින් 32 දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරයි

අප්‍රේල් 13, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාඇල සහ රාගම ප්‍රදේශවලින් පුද්ගලයින් 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (අප්‍රේල් 13) දින නාච්චිකුඩා හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

මෙම පුද්ගලයින් ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ COVID -19 ආසාදිතව නිරෝධායනය මගහැර සිට නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමුකරන ලද පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වා තිබු බවට හදුනාගත් පිරිසකි.

ජාඇල සුදුවැල්ල ගම්මානයේ ස්වයං නිරෝධායනය සදහා ලබා දී තිබු උපදෙස් වලින් වැළකී සිටි පුද්ගලයින් 28 දෙනෙකු හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අප්‍රේල් 09 වන දින බුද්ධි මෙහෙයුමක් සිදු කරන ලදී.

මූලික වෛද්‍ය පරීක්‍ෂණයන්ගෙන් අනතුරුව අප්‍රේල් 11 වන දින ජාඇල සහ දික්ඕවිට  යන ප්‍රදේශවලින් තවත් පුද්ගලයින් 52 දෙනෙකු නිරෝධායනය සඳහා ඔලුවිල් හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.