දිස්ත‍්‍රික් 19 ක ඇඳිරි නීතිය හෙට තාවකාලිකව ලිහිල් කෙරේ

අප්‍රේල් 15, 2020

දිවයින පුරා පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක 19 කට අප්‍රේල් 16 වන දින අලුයම 6.00 ට තාවකාලිකව ඉවත් කර කදී එදිනම සවස 4.00 ට නැවත පනවනු ලැබේ.

ඒ අනුව, අධි අවදානම් කලාප වන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය යන දිස්ත්‍රික්ක සහ රත්නපුරය සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ වලට පනවා ඇති ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව බල පැවැත්වේ.