නවීන තාක්ෂණය භාවිතා කරමින් සැළසුම් කල මෙහෙයුම් වලදී ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය තුල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය සාර්ථකව හදුනා ගැනීමට සමත් වී ඇත - ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රධානී

අප්‍රේල් 15, 2020

  •     පසුගිය සතියේ ශ්‍රී ලංකා නාවික හමුදාව රු. මිලියන 3,200 ක් වටිනා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනී.
  •     කොරෝනා වයිරස් තර්ජනය තිබියදීත්, ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂක තර්ජන පිළිබදව නොසලකා හැර නොමැති බව පවසයි.
  •     රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීම නැවැත්වීම සදහා ධීවර ප්‍රජාවේ සහයෝගය ඉල්ලා සිටී.
  •     ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රු. බිලියන 21 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනී.
  •     මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල විනාශ කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අඛණ්ඩව ක්‍රියාකරනු ඇත.

නවීන තාක්‍ෂණය, අන්තර්ජාතික සහයෝගීතාවන් සහ නාවික බුද්ධි අංශ භාවිතා කරමින් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා සිදු කල සාම්ප්‍රදායික නොවන සැළසුම් කල මෙහෙයුම් වලදී සාර්ථක ප්‍රථිපල ළගා කරගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සදහන් කළේය.

අත්අඩංගුවට ගන්නා ලද රු. මිලියන 3,200 ක් වටිනා හෙරොයින් කිලෝ 281 ක් සහ Crystal Methamphetamine (අයිස් ) නැමති මත්ද්‍රව්‍ය කිලෝ 48 ක තොගයක් දික්ඕවිට ධීවර වාරයේදී ප්‍රදර්ශනය කල අවස්ථාවේදී එහි පැමිණි වයිස් අද්මිරාල් ද සිල්වා රට තුළට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දුන් කැපවීම සහ සහයෝගය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් පැසසුමට ලක් කළේය.

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNODC) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප ලබා දීම නිසා ශ්‍රී ලංකා නාවික හමුදාවට තම මෙහෙයුම් සැලසුම් කිරීමේදී පහසු වූ බව ඔහු සදහන් කළේය.  

“මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් සඳහා  ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ලබා දුන් සහාය ඉවහල් විය.”නාවික හමුදා ප්‍රධානී අද (අප්‍රේල් 15) දින මාධ්‍ය වෙත පැවසීය.

 

 

 

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මාර්තු 28 වන දින අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ලද තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ. එම තොරතුරු මත පදනම්ව සහ දේශීය හා ජාත්‍යන්තර බුද්ධි විශ්ලේෂණයන් මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය රැගත් තවත් යාත්‍රාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව සොයාගෙන තිබේ.

“ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය  වන අතර, මාර්තු 28 වන දින මෙම මෙහෙයුමේ මූලික සැලසුම් සහ වැඩිදුර විමර්ශන සිදු කළේය,” ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රධානී පැවසීය.“ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන සමුදුර නෞකාව මාර්තු 30 දින 14 ක සාගරික මෙහෙයුමකට ශ්‍රී කාවට දකුණින් වූ ගැඹුරු මුහුදේ සමකයට ආසන්න මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදී. එහිදී රාජ්‍ය ධජයක් ප්‍රදර්ශනය කර නොමැති ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 දුරකින් යාත්‍රා කරමින් තිබු සැක කටයුතු නෞකාව අත්අඩංගුවට ගන්නා ලදී.” නාවික හමුදාධිපති පැවසීය.

හොඳින් සංවිධානය වූ මත්ද්‍රව්‍ය ජාවාරම් විනාශ කිරීමට ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන යාත්‍රාවන් හදුනා ගැනීම සදහා නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් සහ මර්දනයන් සිදුකරන බව ශ්‍රී ලංකා නාවික හමුදාධිපති පවසා සිටියේය.

“ශ්‍රී ලංකා ගුවන් හමුදාව දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ චන්ද්‍රිකා තාක්‍ෂණය නිරීක්‍ෂණ කටයුතු සඳහා යොදා ගනී. මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ දේශීය හා විදේශීය හවුල්කරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) සමඟ මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කරනු ලබනවා ”යැයි වයිස් අද්මිරාල් ද සිල්වා පැවසීය.

 

 

 

රටේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස ඔහු ධීවර ප්‍රජාවේ සහායද මේ සදහා ඉල්ලා සිටියේය.

ජනාධිපති රාජපක්ෂගේ නායකත්වය යටතේ රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට රජය ගන්නා උත්සාහයට පූර්ණ දායකත්වය සපයන ශ්‍රී ලංකා නාවික හමුදාව, 2020 පළමු කාර්තුවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 718 ක්, crystal methamphetamine කිලෝග්‍රෑම් 797 ක්, කැටමින් (ketamine) කිලෝග්‍රෑම් 581 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2,475 ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය වල වීදි වටිනාකම රු. බිලියන 21 කි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය, යාත්‍රාව සහ පකිස්ථානුවන් සිව්දෙනෙකු සහ ඉරාන ජාතිකයන් තිදෙනෙකු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හත් දෙනා පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) විසින් වැඩිදුර විමර්ෂන පවත්වයි.

අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වරායේ ප්‍රදර්ශනය කළ මත්ද්‍රව්‍ය සහ යාත්‍රාව පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ජේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සමඟ එක් විය.