නාවික හමුදාව පුද්ගලයින් 100 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරයි

අප්‍රේල් 15, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ නාගලම් වීදීය, ගුණසිංහපුර සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල සිට සාම්පූර් සහ පූනානි හි නාවික නිරෝධායන මධ්‍යස්ථාන  වෙත  පුද්ගලයින්  100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටත් කර යවා තිබේ.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ  COVID -19 ආසාධිත බව තහවුරු කළ රෝගීන් සමඟ මෙම පුද්ගලයින් සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන ආකාරයට, මෙම පුද්ගලයින් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ විසින් සොයාගෙන ඇති අතර, ඔවුන් සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයාගත්   COVID -19 ආසාධිත රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බව තහවුරු වී තිබේ.