ස්වදේශී කර්මාන්තායතනය ත්‍රිවිධ හමුදාවට සබන් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරයි

අප්‍රේල් 16, 2020

ශ්‍රී ලංකාවේ දේශීය ශාකසාර ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී සමාගම විසින් ස්වදේශී කොහොඹ ශාකසාර සබන් සහ සනීපාරක්ෂක අත් සේදුම් දියර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත  ඊයේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පරිත්‍යාග කර තිබේ.

නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැනට පෙරමුණ ගෙන සිටින ත්‍රිවිධ හමුදාවේ සනීපාරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ස්වදේශී නියෝජ්‍ය සභාපති / කළමණාකාර අධ්‍යක්ෂ චූලෝදර සමරසිංහ, ප්‍රධාන විධායක නිලධාරි අමිල උඩවත්ත සහ අලෙවිකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ස්වදේශී සන්නාම කළමනාකරු චමින්ද ජයසිංහ සහභාගී වූහ.