විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට පැය 24 පුරා සහාය වීම සඳහා ඇමතුම් අංකයක්

අප්‍රේල් 16, 2020

විදේශ රටවල සිටින සියළුම දූත මණ්ඩලවලට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය අඛණ්ඩව රාජකාරියේ යොදවා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංක ලබා දෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් උපදෙස් දී ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මේ අතර, සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට online ක්‍රමයට ජනතාව වෙත පහසුකම් සැලසීම සඳහා අමාත්‍යාංශය විසින් කටයුතු සිදු කර  තිබේ.