බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් එකොළොස් දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ

අප්‍රේල් 16, 2020

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව අද (අප්‍රේල් 16) දින පුද්ගලයින් 11 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

PCR පරීක්ෂණයකින් පසුව ඔවුන් නිදහස් කරන ලදී. ඔවුන් වෙත නිරෝධායන සහතික ලබා දී ඇත. මේ වන විට පුද්ගලයින් 68 දෙනෙකු බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර පුද්ගලයින් 31 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.