නාවික හමුදාව අසනීප ව සිටි විදේශීය නාවිකයෙකු ප්‍රතිකාර සඳහා ගෙන එයි

අප්‍රේල් 16, 2020

වෙළඳ නැවක අසනීපව සිටි නාවිකයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (අප්‍රේල් 16) දින සහාය විය.

නෞකාවේ දේශීය නියෝජිතායතනය විසින් ආරක්‍ෂක අමාත්‍යංශයෙන් කල ඉල්ලීමකට අනුව, රෝගියා ගොඩබිමට ගෙන ඒම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ කඩිනමින් පියවර ගෙන තිබේ.

‘Menkar’ වෙළඳ නෞකාවේ රාජකාරි කරමින් සිටි ඉන්දියානු ජාතික නාවිකයා නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් ගොඩබිමට රැගෙන විත් කොළඹ ජාතික රෝහල වෙත යොමු කරන ලදී.