පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් ශල්‍ය මුහුණු ආවරණ 4000 ක් යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරයි

අප්‍රේල් 16, 2020

මහාචාර්ය පැපිළියාන ශ්‍රී සුනේත්‍රාදේවි රාජ මහා පිරිවෙන් විහාරස්ථානයේ වත්මන් ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් විසින් ඊයේ (අප්‍රේල් 15) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ශල්‍ය මුහුණු ආවරණ 4100 ක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය අගය කරමින් සිය කෘතඥතාවය පලකල ලුතිනන් ජෙනරාල් සිල්වා පවසා සිටියේ මාරාන්තික වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පෙරමුණ ගෙන සටන් කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සදහා මෙම ශල්‍ය මුහුණු ආවරණ ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි.