සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හෙට සිට එළවළු මිලදී ගැනීමට හා බෙදා හැරීමට කටයුතු කෙරේ

අප්‍රේල් 16, 2020

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙට (අප්‍රේල් 17) දින සිට ගොවීන්ගෙන් සෘජුවම මිලදී ගත් එළවළු තොග බෙදා හරින බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් පැවසීය.

සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව සිටින ගොවි ප්‍රජාවට ආධාර කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් එළවළු මිලදී ගැනීම සඳහා මෙය ආරම්භ කර ඇති බව අද (අප්‍රේල් 16) දින ඔහු මාධ්‍ය වෙත පැවසීය.

තම අස්වැන්න හෙට සිට ඌව පරණගම සහ වැලිමඩ  ප්‍රදේශවල පිහිටුවා ඇති බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එන ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් ගොවීන්ගෙන් ඉල්ලා සිටී.