3,720 කට අධික පිරිසක් දින 14 ක නිරෝධායනය ක්‍රියාවලිය සම්පූර්ණ කරයි

අප්‍රේල් 16, 2020

ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන සදහා ඇතුලත් වූ පුද්ගලයින් 3,721 දෙනෙකු සිය නිරෝධායන කාල සීමාව මේ වන විට සම්පූර්ණ කර ඇති බව COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයයේ (NOCPCO) ප්‍රධානී සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ( අප්‍රේල් 16) දින පැවසීය.

අවසන් වෛද්‍ය පරීක්‍ෂණයන් අවසන් කිරීමෙන් සහ නිරෝධායන සහතික නිකුත් කිරීමෙන් පසුව ඔවුන් සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.