යුද්ධ හමුදාව විසින් කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව අතර වියළි සලාක බෙදා දෙයි

අප්‍රේල් 16, 2020

කිලිනොච්චි හි 57 වන සේනාංකයේ හමුදා භට පිරිස් සෙනසුරාදා (අප්‍රේල් 11) දින කිලිනොච්චි, කෝරක්කන්කඩ්ඩු ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පැකට් 32 ක් බෙදා දුන්හ.

කොරෝන වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අනවශ්‍ය එක්රැස්වීම් සහ ගමනාගමනයන් සීමා කරමින් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ රජයේ සමස්ත ක්‍රියාවලියට  සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙම වැඩසටහන සිදු කර ඇත.