ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන පොදු ස්ථාන විෂබීජහරණ වැඩසටහන් නොනවත්වා ඉදිරියට

අප්‍රේල් 17, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රට පුරා සිදු කරන විෂබීජහරණ වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින්  අප්‍රේල් 12 දින සිට 16 දින දින දක්වා වූ කාලය තුල කොළඹ වරායට ඇතුළු වන දොරටු පරිශ්‍රයන්, වරකාපොල මූලික රෝහල සහ පුත්තලම සහිරා විද්‍යාලය විෂබීජහරණය කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟපෙන්වීම යටතේ සකස් කරන ලද විෂබීජහරණ වැඩසටහන, කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට  අවදානම් සහිත ප්‍රදේශ වල සිදුකරමින් සිටී.