යුද්ධ හමුදා සාමාජිකයින් 120 කට වඩා වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ලේ දන් දීමේ වැඩසටහනක්

අප්‍රේල් 17, 2020

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරියේ නියුතු 62 වන සේනාංකය නියෝජනය කරමින් 120 කට අධික භට පිරිසක්  ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කර තිබේ. සියලුම වන්නි රෝහල්වල හදිසි අවස්ථා වලදී රෝගීන්ගේ භාවිතය සඳහා වන රුධිර අවශ්‍යතාවය සපුරාලීම සදහා මෙය සිදුකර ඇත.

මෙම වැඩසටහන සදහා අනුරාධපුර මහ රෝහලේ සහ පදවිය මූලික රෝහලේ ඒකාබද්ධ වෛද්‍ය කණ්ඩායමක් සහාය විය.

62 වන සේනාංකයේ ප්‍රධාන සැරහුම් මධ්‍යස්ථානයෙන්  යුද හමුදා වෛද්‍ය කණ්ඩායමේ සහාය ද මේ සදහා ලබා දෙන ලදී.