යාපනයේ හමුදා භටයින් අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා සහනාධාර බෙදා දෙයි

අප්‍රේල් 17, 2020

යාපනයේ අර්ධද්වීපයේ රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා හමුදා භට පිරිස් සිය මානුෂීය ආධාර ලබා දීම තවදුරටත් සිදු කරමින් අප්‍රේල් 15 වන දින අර්ධද්වීපයේ අගහිඟකම් ඇති පවුල් අතර වියළි සලාක ඇසුරුම් බෙදා දීම සිදු කළහ.

ඉලවලෙයි, උරුම්පිරායි, උඩිවිලන් සහ චුන්නාකම් ප්‍රදේශවල වෙසෙන පවුල්වලට වියළි සලාක ඇසුරුම් බෙදා  දෙන ලදී.