‘එක්ව රැකෙමු’ සංගීතමය වීඩියෝව එළිදක්වයි

අප්‍රේල් 17, 2020

COVID - 19 වසංගතයට එරෙහි සටනට සම්බන්ධ සියලු අංශවලට ගෞරව කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද තේමාත්මක වීඩියෝ ගීතය වන ‘එක්ව රැකෙමු’ මෑතකදී එළිදැක්විණි.

වීඩියෝ ගීතයේ පළමු පිටපත ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර වෙත පිළිගැන්වීය. අපේ‍්‍රල් 07 වන දින විදුලිබල අමාත්‍යාංශයේදී පැවති උත්සවයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙතද ඩීවීඩී පිටපතක් පිළිගැන්වීය.

මෙම ගීතය නිෂ්පාදනය කිරීම විදුලිබල අමාත්‍යාංශයේ මොහොමඩ් උවයිස් විසින් ආරම්භ කරන ලද අතර එයින් ලැබෙන සියලුම මුදල් COVID-19 ජනාධිපති අරමුදලට ප්‍රදානය කිරීමට නියමිතය.

මෙම අවස්ථාව සදහා උසස් අධ්‍යාපන අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන , හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ, වෛද්‍ය රූපලාවණ්‍ය සත්කාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා සහ ආරාධිතයින් බොහෝ පිරිසක් සහභාගී වුහ.