රු.මිලියන 133 ක චීන වෛද්‍ය උපකරණ අද කොළඹට ලගා වෙයි

අප්‍රේල් 17, 2020

චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් 693,191.2 ක් වටිනා නවතම වෛද්‍ය උපකරණ තොගය  China Eastern Airlines MU231 මගින් අද සවස ෂැංහයි සිට ගුවන් මගින් කොළඹ වෙත ලගා වීමට නියමිතය.

වෛද්‍ය උපකරණ තොගය තුල 20,016 test novel Coronavirus (2019-nCoV) නියුක්ලික් ඇසිඩ්  ඩයග්නොස්ටික් කට්ටල (PCR-Fluorescence Probing), වෛද්‍ය ආරක්‍ෂිත මුහුණු ආවරණ (Filtration rate 95%)10,000 ක් , ශල්‍ය මුහුණු ආවරණ (ස්ථර-3) 100,000 ක් , වරක් පාවිච්චි කල හැකි ශරීර ආවරණ 10,000 ක් , වෛද්‍ය ඇස් ආවරණ (Anti-splash, Anti-impact, Anti-fog) 1,000 ක් සහ  වරක් පාවිච්චි රබර් ශල්‍ය අත් ආවරණ (Material: natural rubber latex) 50,000 ක් ,  ඇතුළත් වන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මගින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක සදහන්වේ.

තානාපති කාර්යාලයේ ප්‍රකාශක සහ දේශපාලන අංශ ප්‍රධානී ලූඕ චොං (Luo Chong )පැවසුවේ ශ්‍රී ලංකා ජනතාවට සහ සියලුම වෛද්‍ය සේවකයින්ට COVID-19 සමඟ සටන් කිරීමේදී දක්වන ඉහළම සැලකිල්ල වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජයට ගෞරවය සහ සුභ පැතුම් එක්  කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.