නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 222 ක් පිටව යයි

අප්‍රේල් 17, 2020

අනිවාර්ය නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 222 දෙනෙකු අද (අප්‍රේල් 17) දින පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදී.

මෙම පුද්ගලයින් සති තුනක නේවාසික කාලයක් එහි සම්පූර්ණ කර තිබුණි. මෙම ස්ථානයෙන් පිටවීමට පෙර අදාළ පුද්ගලයින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන ලද අතර පසුව ඔවුන් වෙත නිරෝධායන සහතික ලබාදී ඇත.