නිරෝධායන මධ්‍යස්ථානවල සිටි කාන්තාවන් තිදෙනෙකුට COVID-19 ආසාධිත බව තහවුරු වෙයි - වෛද්‍ය අනිල් ජාසිංහ

අප්‍රේල් 17, 2020
  •    මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව 242 දක්වා ඉහල යයි

අද දින වාර්තා වූ රෝගීන් හතර දෙනාද සමග මුළු කොරෝනා ආසාදිත  රෝගීන් සංඛ්‍යාව 242 දක්වා වැඩි වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

අලුතින්  වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගීන් සිව්දෙනා   පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලියට භාජනය වෙමින් සිටි කාන්තාවන් බව  මීට සුළු මොහොතකට පෙර රාජගිරිය  COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී  (NOCPCO) ඔහු පැවසීය.

අද දින PCR පරීක්ෂණ 530 කට අධික ප්‍රමාණයක් සිදු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය