වලංගු ධිවර බලපත්‍ර නොමැති ධිවර කටයුතුවල යෙදී සිටි ධිවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

අප්‍රේල් 18, 2020

වලංගු ධිවර බලපත්‍ර නොමැති ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් වූ මුහුදේ ධිවර කටයුතුවල යෙදී සිටි ධිවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ

සැකකටයුතු බෝට්ටුවක් ලුහුබඳිමින් සිටියදී නාවික හමුදාව මෙම පුද්ගලයින් මුහුදේ දී ඔවුන් සතුව ධිවර යාත්‍රාව , කිමිදුම් උපකරණ සහ මාළු කිලෝ 44 ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක  මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.