ආරක්ෂක ලේකම් යුධ,ගුවන්,නාවික සහ පොලිස් සාමාජිකයින් හමුවෙයි

අප්‍රේල් 18, 2020
  • සෞඛ්‍ය අවදානම් තත්වයද නොතකා  රජය විසින් ගෙනයන කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ වැඩසටහනට සහාය දැක්වීම සඳහා සොල්දාදුවන්, ගුවන් භටයින්, නාවිකයින් සහ පොලිස් බලකායන් ගත් පරාර්ථකාමී උත්සහයන් ප්‍රශංසාවට ලක්විය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ වවුනියා ආරක්ෂක සේනා මූලස්ථානයන්  සහ ත්‍රිකුණාමලයේ පිහිටි 22 වන සේනාංක මුලස්ථානය වෙත සංචාරය කරමින් භට පිරිස් අමතා  පවසා සිටියේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේදී පෙරමුණ ගෙන සිටින ඔවුන්ගේ දායකත්වය අගය කරන බවයි.

ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් හමුවූ මේජර් ජෙනරාල් ගුණරත්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔවුන් වෙත සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබ පැතුම් එක් කළේය.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්  සමඟ මෙම උතුරු  නැගෙනහිර සංචාරය සදහා පැමිණි ආරක්ෂක ලේකම්වරයා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය , උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පත්මසිරි මුණසිංහ, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි, අනුරාධපුරය සහ වවුනියාව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්ද මුණසිංහ, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න, නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.බී.හක්මන යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්  විසින් පිළිගනු ලැබීය.

 

 

 

 

 

Security Forces Headquarters - Jaffna

 

 

 

 

Security Forces Headquarters - Kilinochchi

 

 

 

 

 

Security Forces Headquarters - Mullattivu

 

 

 

 

Security Forces Headquarters - Vavuniya

 

 

 

 

 

Security Forces Headquarters - Trincomalee