කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයකු සමග සබදතා පැවැත්වූ පුද්ගලයින් හය දෙනෙකු නිරෝධායනය සදහා

අප්‍රේල් 18, 2020

COVID-19 ආසාදිත වූ පුද්ගලයකු සමග සබදතා පැවැත්වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු හඳුනාගෙන ඇති ශ්‍රී ලංකා නාවික හමුදාව, ඔවුන් අද (අප්‍රේල් 18) දින  වැලිසර ළය රෝහලෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සිදු කල මෙහෙයුමකදී ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06 දෙනෙකු  නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කර තිබේ.