නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත බව තහවුරු වේ - වෛද්‍ය අනිල් ජාසිංහ

අප්‍රේල් 18, 2020
  • කොරෝනා ආසාධිත මුළු සංඛ්‍යාව 248 දක්වා ඉහල යයි

කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු අද (අප්‍රේල් 18) දින වාර්තා වීමත් සමග මුළු රෝගීන් සංඛ්‍යාව 248 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

අලුතින් වාර්තා වූවන්ගෙන් රෝගීන් තිදෙනෙකු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙමින් සිටි අතර අනෙක් පුද්ගලයා සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙකු බව ඔහු වැඩිදුරටත් පැවසීය.