තවත් කොරෝනා ආසාදිත රෝගීන් 06 ක් අද වාර්තා වෙයි

අප්‍රේල් 19, 2020

අද දින වාර්තා වී ඇති තවත් කොරෝනා ආසාදිත රෝගීන් හය දෙනෙකුද සමඟ මුළු රෝගීන් සංඛ්‍යාව 254 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.

ඔවුන් වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙමින් සිටින බව ඔහු පැවසීය.