ඇඳිරි නීතිය ලිහිල් කරන කාලය තුල වගකීමෙන් යුතුව කටයුතු කරන්න - ජනාධිපති රාජපක්ෂ

අප්‍රේල් 19, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (අප්‍රේල් 18) දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්ය.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ පරමාර්ථය වන්නේ ආර්ථිකය නැවත සක්‍රීය කිරීමයි. COVID-19 වැළැක්වීමට ගෙනයන ක්‍රියාමාර්ගයන් එලෙසම ඉදිරියට ගෙනයන බව එම පණිවිඩයේ සදහන්ය.