යුද්ධ හමුදාව මුලතිව් ගොවීන්ගේ එළවළු අස්වනු දකුණු පළාතට ගෙන එයි

අප්‍රේල් 20, 2020

හමුදා භට පිරිස් මුලතිව් ප්‍රදේශයේ ගොවීන්ට ඔවුන්ගේ එළවළු අස්වැන්න දකුණු පළාතේ  නගරවලට ප්‍රවාහනය කිරීම සදහා සහාය වී ඇත.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ පුදුකුඩිඉරිප්පුහි ස්ථානගත 68 වන සේනාංකය මුලතිව් ගොවීන්ගේ එළවළු අස්වැන්න කොළඹ සහ කළුතර වෙත හමුදා වාහනවලින් සෙනසුරාදා (අප්‍රේල් 18) දින ප්‍රවාහනය කිරීමට කටයුතු කළේය.

එළවළු තොග අලෙවි කිරීමෙන් ලැබෙන සම්පූර්ණ ආදායම 68 වන සේනාංක නිලධාරීන් විසින් අදාළ ගොවීන් වෙත ලබා දෙන ලදී. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලකගේ උපදෙස් මත 68 වන සේනාංකය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.