‘හෙළ රණවිරු බළමුළුව’ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත ලබාදීමට සහල් සහ එළවළු පරිත්‍යාග කරයි

අප්‍රේල් 20, 2020

‘හෙළ රණවිරු බළමුළුව’ සංවිධානයේ මාතර සහ කුරුණෑගල  දිස්ත්‍රික් කණ්ඩායම් විසින් අද (අප්‍රේල් 20) දින කොළඹ දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සහිත ජනතාව අතර බෙදා හැරීම සඳහා සහල් සහ එළවළු පරිත්‍යාග කර තිබේ.

සහල් කි.ග්‍රෑ. 3750 ක් සහ එළවළු කි.ග්‍රෑ. 1000 ක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ලබා දෙන ලදි.