පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 49 දෙනෙක් පිටව යයි

අප්‍රේල් 20, 2020

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු අද (අප්‍රේල් 20) දින තවත් පුද්ගලයින් හතළිස් නව දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණය සිදුකිරිමෙන් පසුව  නිරෝධායන සහතිකයද ඔවුන් වෙත ලබා දී ඇත.