ශ්‍රී ලංකා නාවික හමුදාව දුම්රිය ස්ථාන විෂබිජහරණයට ලක් කරයි

අප්‍රේල් 21, 2020

ශ්‍රී  ලංකා නාවික හමුදාව ඔවුන්ගේ විෂබීජහරණය කිරීමේ වැඩසටහන් පොදු ප්‍රවාහන අංශය වෙත  ව්‍යාප්ත කරමින් ඇඳිරි නීතිය ඉවත් කළ කාල සීමාව තුළ මගීන් දුම්රිය භාවිතා කරන නිසා මෑතකදී (අප්‍රේල් 19 සහ 20 දින ) මහව සහ ගාල්ල  දුම්රිය ස්ථාන විෂබීජහරණයට ලක්  කර ඇත.

ඇඳිරි නීතිය ඉවත් කළ කාල සීමාව තුළ අත්‍යාවශ්‍ය හේතුන් මත ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩසටහන පුළුල් ලෙස සිදු කිරීමට ශ්‍රී  ලංකා නාවික හමුදාව අපේක්ෂා කරයි.