තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් හය දෙනෙකු අද දින වාර්තා වේ

අප්‍රේල් 21, 2020

තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු අද වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ මුළු  ආසාදිතයින්  සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ  මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.

ඔවුන්ගෙන් පස්දෙනෙකු කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පදිංචි නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය වෙමින් සිටින අය වන අතර, අනෙක් පුද්ගලයා වෛරස් ආසාදිත පුද්ගලයකු සමග සම්බන්ධතා පවත්වා ඇති රත්නපුර ප්‍රදේශයේ අයෙකු බව ඔහු පැවසීය.