විදෙස්ගතවී සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක්

අප්‍රේල් 21, 2020

සංචාරක සීමාවන් පැනවීම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් 433 දෙනෙකු ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාව, පකිස්ථානය සහ නේපාලය බලා විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ.

විදේශ අමාත්‍යාංශය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයකට අනුව, සිසුන් මෙරටට පැමිණි පසු සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ  නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඇතුලත් කෙරේ.