පුද්ගලයින් 149 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යයි

අප්‍රේල් 22, 2020

සති තුනක නිරෝධායන කාලසීමාව අවසන් කල පුද්ගලයින් 149 දෙනෙකු ඊයේ (අප්‍රේල් 21) දින සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 146 දෙනෙකු සහ බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ  පුද්ගලයින් 3 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව පිටව ගොස් ඇති බව වාර්තා වේ.