ත්‍රිකුණාමලයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගැනීමට හමුදා සාමාජිකයින්ගේ සහාය

අප්‍රේල් 22, 2020

නැගෙනහිර ප්‍රදේශයේ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් ත්‍රිකුණාමලය සෞඛ්‍ය බලධාරීන් සමග  සම්බන්ධීකරණයෙන් සඳුදා (අප්‍රේල් 13) දින මැනියවේලි ග්‍රාම නිළධාරි ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා ගෙයින් ගෙට ගොස් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සහාය දැක්වූහ.

මෙම වැඩසටහන අතරතුර, පවුල් පහක් ඔවුන්ගේ නිවාස ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇති බව හඳුනා ගන්නා ලදී