පොලොන්නරුවේ ගම්මාන 12 ක් වසා දමයි.

අප්‍රේල් 23, 2020

COVID-19 ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගැනීමෙන් පසු අද (අප්‍රේල් 23) දින පොලොන්නරුව ප්‍රදේශයේ ගම්මාන 12 ක් හුදකලා කර ඇති බව පොලොන්නරුවේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා කරුණාරත්න defence.lk වෙත පැවසීය.

නැවත දැනුම් දෙන තුරු මෙම ගම්මානවලට කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට අවසර නොමැත. ඒ අනුව පටුනුගම, අබේපුර, සෝමපුර, කගළුගම, සංඝබෝධිගම, පුලස්තිගම, තම්බල, අල්.හිලාල් පුර, අල් රිෆා පුර, වීරපුර, ලංකාපුර සහ බූදර්නාගම හුදෙකලා කර ඇති බව ඔහු පැවසීය.