ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් 101 මෙරටට රැගෙන එයි

අප්‍රේල් 23, 2020

ඉන්දියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (අප්‍රේල් 23) දින මෙරටට රැගෙන එන ලදී.

සිසුන් රැගත් විශේෂ ගුවන් යානය අද දහවල් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූ පසුව ඔවුන් සියළු දෙනා නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කෙරිණි.