අහඹු ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් සිදු කිරීම සඳහා යුද්ධ හමුදාව ක්ෂණික විහිදුම් කණ්ඩයේ යතුරු පැදි ධාවකයින් යොදවයි

අප්‍රේල් 23, 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදී සිටින සහ කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වන පුද්ගලයින්ගේ  ශරීර උෂ්ණත්වය අහඹු ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ.

COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන්  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් යෝජනා කරන ලද මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක‍්ෂණික විහිදුම් කණ්ඩයේ (QRT) ධාවකයින් විසින් සිදු කරනු ලැබේ.

යුධ හමුදා ධාවකයින් 20 දෙනෙකුගෙන් යුත් ක්ෂණික විහිදුම් කණ්ඩය විසින් අහඹු ලෙස එම පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් සිදු කරනු ඇත. ශ්‍රී ලංකා යුද්ධ  හමුදාධිපත් ලුතිනන්   ජෙනරාල් සිල්වා රජයේ අඛණ්ඩ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා වෛරසය පැතිරීම පිළිබද වඩාත් අවදානම් සහිත ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කය තුල මෙම ක්‍රමය හඳුන්වා දී ඇත.   

මෙම නව ක්‍රමය භාවිතයෙන් ඉහළ ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයින් හඳුනා ගෙන ඔවුන් කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා අදාළ රෝහල් වෙත යොමු කිරීමටත් හැකි වේ.

අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදී සිටින පුද්ගලයින් කොරෝනා වෛරසය ආසාදනයෙන් වැළැක්වීම සදහා ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට පැමිණෙන ශ්‍රී යුද්ධ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ක්ෂණික විහිදුම් කණ්ඩයේ යතුරුපැදිකරුවන්ට සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉල්ලා සිටී.