යුද්ධ හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ ජනතාව අතර වියළි සලාක බෙදාදෙයි

අප්‍රේල් 24, 2020

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයට අනියුක්ත 511 බලසේනා මුලස්ථානය යටතේ රාජකාරි කරන හමුදා සාමාජිකයින් විසින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරියගේ මග පෙන්වීම මත චාවර්කාඩු සහ සන්දිලිපේ යන ප්‍රදේශවල අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් මෙම වියළි සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහන සිදු කර ඇත.  

වියළි සලාක ඇසුරුම් පරිත්‍යාග කිරීම  යාපනය සිස්ටර්ස් ඔෆ් ගුඩ් ෂෙපර්ඩ් කන්‍යාරාමය විසින් සිදු කර ඇත.

මේ අතර, 515 බලසේනාවේ භට පිරිස් එදිනම කඩ්ඩුවාන්, කන්කසතුරය සහ වාසවිලාන් යන ප්‍රදේශවලද වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක් සිදු කර තිබේ.