මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් 415 අතර , නැවියන් පස් දෙනෙකු රත්නපුර, කුරුණෑගල, මහනුවර සහ බදුල්ල ප්‍රදේශවාසීන් වේ

අප්‍රේල් 24, 2020

අද දින වාර්තා වූ  රෝගීන්  47 දෙනාද සමග  මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව  415 ක් වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආසාදිතයි නැවියන් 30 දෙනෙකු,කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 11 දෙනෙකු සහ මරදාන ප්‍රදේශයෙන් එක ආසාදිතයකුද වාර්තා වී තිබෙන බව ඔහු පැවසීය.

මේ අතර, අද කොරෝනා වෛරසය ආසාදිත බව සොයාගත් නැවියන් පස් දෙනෙකු රත්නපුර, කුරුණගල, මහනුවර සහ බදුල්ල යන ප්‍රදේශවල පුද්ගලයින් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.